''පාඩු ලබන ආයතන වලින් බෝනස් ගන්න එකම රට ලංකාව'' - මහාචාර්ය සිරිමල් අබේරත්න (වීඩියෝ)

පාඩු ලබන ආයතන වලින් බෝනස් ගන්න එකම රට ශ්‍රී ලංකාව බව මහාචාර්ය සිරිමල් අබේරත්න පවසයි. ඔහු මේබව සඳහන් කළේ IF (Ideas front) සමාජ මාධ්‍ය කතිකාවට එක්වෙමිනි.

එහිදී ඔහු රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් මෙසේ කරුණු ගෙනහැර දැක්විය.

''රාජ්‍ය ව්‍යවසායකයන් කියන්නේ රටේ තියෙන බරපතල ව්‍යාපාරික ප්‍රශ්නයක්. රාජ්‍ය ව්‍යවසායන් කියලා අපි හඳුන්වන කර්මාන්ත ව්‍යවසායකයන් රජයට අයිතියි කියලා කියනවා. මේ ආයතන හරියටම කොච්චරක් තියෙනවාද කියන එක කවුරුවත් හරියටම කියන්න දන්නේ නැහැ. නිවැරදි ඉලක්කමෙන් කොතනකවත් ඒක වාර්තාගත වෙන්නේ නැහැ.

ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තම රජයේ ආයතන 400 ක් විතර තියනවා කියනවා දැනට මුදල් අමාත්‍යංශයේ තියෙන වාර්තාවලට අනුව. මෙයිනුත් ආයතන 55 ක් එකතුකරලා ඒවා රජයේ ව්‍යාපාරික ආයතන වශයෙනුත් නම් කරලා තියෙනවා.

හැබැයි මේ නම් කිරීමත් හරියටම පැහැදිළි නැහැ. මොකද හේතුව මේවා හරියටම ගණන් කරන්න බැහැ මේ ආයතන නීත්‍යානුකූලද එහෙම නැත්නම් ලියාපදිංචිය අනුව ඒවගේ පිටිපස්සේ තියෙන අනපනත් අනුව, මේවා හරියටම මොන අංශයේද කියලා කියන්න බැහැ.

''සාමාන්‍යයෙන් ගත්තම රජයේ ආයතන 400 ක් විතර තියනවා කියනවා දැනට මුදල් අමාත්‍යංශයේ තියෙන වාර්තාවලට අනුව. මෙයිනුත් ආයතන 55 ක් එකතුකරලා ඒවා රජයේ ව්‍යාපාරික ආයතන වශයෙනුත් නම් කරලා තියෙනවා. හැබැයි මේ නම් කිරීමත් හරියටම පැහැදිළි නැහැ. ''

දැන් අපි ගත්තොත් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්, මේක ව්‍යාපාරික රාජ්‍ය ව්‍යාවසායක්. හැබැයි අපි ඒ සේවයම ඉටු කරන දුම්රිය සේවය ගත්තොත් ඒක දෙපාර්තමේන්තුවක්. එතකොට හරියටම කියන්න බැහැ ලංකාවේ නියම වශයෙන්ම ගණන් කරලා මෙච්චර රාජ්‍ය ව්‍යවසායන් තියෙනවා කියලා.

හැබැයි ප්‍රශ්නය වෙන්නේ මේ රාජ්‍ය ව්‍යවසායන් කොච්චර තිබ්බත් ඒවා අතර ඉන්නවා අති විශාල දැවැන්ත ආයතන කීපයක්.

මොනවද මේ ආයතනය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ජලාපවහන මණ්ඩලය, ප්‍රවාහන සමාගම මෙන්න මේ ආයතන ටික තමයි ඉතාමත්ම දැවැන්ත වශයෙන් තියෙන ආයතන.

airlanka''ශ්‍රී ලංකන් ගුවන් සමාගම වාර්ෂිකව දැවැන්ත පාඩු ලබන ආයතනයක්....''

දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා මේ ආයතන බොහෝමයක් පාඩු ලබනවා. සමහරවිට වෙළෙඳපොළේ තිබෙන යම් යම් වෙනස්කම් නිසා ලාබ ලබන අවස්ථාවන් තියෙනවා හැබැයි ඒ ලාබ ලැබුවට ඒවගෙන් කියැවෙන්නේ නැහැ මේ ලාබ ස්ථාවර ස්ථායි විදියට ඉදිරියේදී දිගුකාලීනව මේ ආයතන ප්‍රගතියට හේතුවන ලාබ කියලා. ඒක පළවෙනි ප්‍රශ්නය.

අලාභ ලබනවා. අලාභ ලබනවා කියලා කියන්නේ දැන් ඒ ආයතන පෞද්ගලික අංශයේ නම් පෞද්ගලික අංශයක ව්‍යාපාරික ආයතන දන්නවා ඒ අලාභ ලබනකොට මොනවද කළ යුත්තේ කියලා. හුඟක් වෙලාවට කරන්නේ වියදම් කපා හරින්නට උත්සාහ කරනවා.

''අලාභ ලබනවා. අලාභ ලබනවා කියලා කියන්නේ දැන් ඒ ආයතන පෞද්ගලික අංශයේ නම් පෞද්ගලික අංශයක ව්‍යාපාරික ආයතන දන්නවා ඒ අලාභ ලබනකොට මොනවද කළ යුත්තේ කියලා. හුඟක් වෙලාවට කරන්නේ වියදම් කපා හරින්නට උත්සාහ කරනවා.''

ඇත්තවශයෙන්ම එහි සේවක වැටුප් සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ වැටුප් පවා කපනවා. හැබැයි අපි දන්නවා අපේ රටේ එහෙම කරන්නේ නැහැ එහෙම කරන්න බැහැ. සේවක වැටුප් කවදාවක් කැපෙන්නේ නැහැ හැබැයි පාඩු ලැබුවත් ඒ අයගේ බෝනස් ගෙවනවා. වාර්ෂික දීමනාවන්.

මම හිතන්නේ පාඩු ලබන ආයතනවලින් බෝනස් ගන්න එකම රට ලංකාව වෙන්න ඕනේ.

ආයතනවලට තියෙන අනික් ප්‍රශ්නය තමයි. ආයතන පාඩු ලබනවා නම් ඒවාට බැංකුවලින් ණය ගන්න බැහැ. බැංකු පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ ගෙනෙන ව්‍යාපෘති යෝජනාවල්. ඒ හින්දා ණය ගන්න බැහැ. ඒක තමයි පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් මුහුණ දෙන ඇත්ත තත්වය.

හැබැයි රාජ්‍ය අංශයේ ආයතනවලට ඒ තත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ නැහැ ඒගොල්ලෝ පාඩු ලැබුවට ඒගොල්ලන්ගේ නිෂ්පාදන අකාර්යක්ෂම වුණාට ආණ්ඩුව දෙනවා බෑන්ක් ගැරන්ටි එකක්. ඒ කියන්නේ ආණ්ඩුව බැඳී සිටිනවා මේවට ගෙවන්න.

''.....හැබැයි රාජ්‍ය අංශයේ ආයතනවලට ඒ තත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ නැහැ ඒගොල්ලෝ පාඩු ලැබුවට ඒගොල්ලන්ගේ නිෂ්පාදන අකාර්යක්ෂම වුණාට ආණ්ඩුව දෙනවා බෑන්ක් ගැරන්ටි එකක්. ඒ කියන්නේ ආණ්ඩුව බැඳී සිටිනවා මේවට ගෙවන්න.''

චක්‍රීය ණය බර !

මේගොල්ලන්ගේ තියෙන දෙවෙනි ප්‍රශ්නය එන්නේ ඔන්න ඔතන. අපි ඒවට කියනවා චක්‍රීය ණය බර කියලා. චක්‍රීය ණය බර කියන්නේ මේ ආයතන එකිනෙකාට ණයයි.

උදාහරණයකට ගත්තොත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගන්නවා හැබැයි සල්ලි දෙන්නනේ නැහැ. එතකොට ගුවන් සමාගම ණය යි ඛණිජතෙල් නීතිගත සංස්ථාවට.

ඊගාවට ඛණිජතෙල් නීතිගත සංස්ථාවට තව ප්‍රශ්නයක් තියෙනවා විදුලිබල මණ්ඩලයත් එක්ක. විදුලිබල මණ්ඩලයත් තෙල් ගන්නවා හැබැයි සල්ලි ගෙවන්නේ නැහැ. ගෙවන්න බැහැ මොකද පාඩු ලබනවා.

දැන් මේ පාඩු කොහාටද යන්නේ. එකක් තමයි ණය එකතු වෙනවා එකිනෙකාට ණය ය වෙවී ඉන්නවා. අනිත් එක තමයි පාඩු ලබනකොට ඒ පාඩු ගෙවන්න ඕනේ. මොකද කවදාවත් පඩි අඩුවෙන්නේ වත් අනෙකුත් වියදම් අඩුවෙන්නේ වත් නැහැ. එනිසා මේවා ගෙවන්නෙ රජයේ අයවැයෙන්.

mahinda 1මුදල් අමාත්‍ය, අගමැති මහින්ද අයවැයක් ඉදිරිපත් කරමින්...

රජයේ අයවැය කියන්නේ මොකක්ද? ඒකට කොහෙන්ද සල්ලි එන්නේ? ඒකට සල්ලි එන්නේ අපි ඔබ ගෙවන බදු මුදල්වලින්. අපි මේ ගන්න සීනි, තේකොළ ටිකෙන්. නැත්නම් අපි ආයාත බදු ගන්නවා නම් ඒ ගේන ඇපල් ගෙඩියෙන් මිදි වලින්, චොක්ලට් එකක් ගේනවා නම් ඒවගෙන්, ඔය වගේ සියලුම අපේ ආයාත බදුවලින් බදු අරගෙන ඒ වලින් තමයි මේ ආයතනවල පාඩු ගෙවන්නේ.

එතකොට අපිට වැඩියෙන් බදු ගන්න සිද්ධ වෙනවා රටේ ආණ්ඩුවේ වියදම් පිරිමහගන්න විතරක් නෙවෙයි මේ ආයතනවල පාඩු ගෙවන්නත් එක්ක.

''එතකොට අපිට වැඩියෙන් බදු ගන්න සිද්ධ වෙනවා රටේ ආණ්ඩුවේ වියදම් පිරිමහගන්න විතරක් නෙවෙයි මේ ආයතනවල පාඩු ගෙවන්නත් එක්ක. ''

තව ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය අංශයේ මේ ආයතන බොහෝ විට ඉටු කරන සේවය මේ ආර්ථිකයේ ඉතා වැදගත් සේවයක්. මොකද හේතුව මේ ආයතන හුඟක් වෙලාවට සපයන්නේ ආර්ථිකයේ නිෂ්පාදනට එහෙම නැත්නම් සේවා ආර්ථිකයට, නිෂ්පාදන ආර්ථිකයට අවශ්‍ය කරන යෙදවුම්.

එතකොට මේ ආයතන හරියට කාර්යක්ෂමව ඒවගේ මිල ගණන් පවත්වාගෙන යන්නට බැරිනම් අපේ ආර්ථිකයේ තියෙන නිෂ්පාදන වියදමට ඒක බලපානවා.

නිෂ්පාදන වියදමට බලපානකොට මොකද වෙන්නේ? එතකොට අපිට අපේ නිෂ්පාදනවලට ජාත්‍යන්තර වශයෙන් ලෝක වෙළෙඳපොළේ තරඟ කරන්න බැරි වෙනවා.

මොකද හේතුව අපේ නිෂ්පාදන වියදම වැඩියි. අපේ විදුලි මිල ගත්තම ආසියාවේ තියෙන විශාලම විදුලි මිලක් අපට තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ ව්‍යාපාරික ආයතනවලට සිද්ධ වෙනවා ඒ ඉහල විදුලි බිල එකතුකරන්න තමන්‌ගේ නිෂ්පාදනවලට.

''අපේ නිෂ්පාදන වියදම වැඩියි. අපේ විදුලි මිල ගත්තම ආසියාවේ තියෙන විශාලම විදුලි මිලක් අපට තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ ව්‍යාපාරික ආයතනවලට සිද්ධ වෙනවා ඒ ඉහල විදුලි බිල එකතුකරන්න තමන්‌ගේ නිෂ්පාදනවලට. ''

එහෙම එකතු කරාම මොකද වෙන්නේ? වෙන්නේ ඒ අයගේ නිෂ්පාදන මිල තරඟකාරී නැහැ ලෝක වෙළෙඳපොළේ. ඉතින් අපිට ලෝක වෙළෙඳපොළට යන්නට බැරි ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ ප්‍රශ්නය.

ඒ වගේම තමයි ආයෝජනය රටට ගලා ඒම දුර්වල වෙන්න බලපාන ප්‍රධාන හේතුවක්. ඒ කියන්නේ අපි කතා කරන ආයෝජන පරිසරය කොයිතරම් දුරට ආයෝජන හිතකරද කියන එක තීරණය වෙන්න ප්‍රතිපත්ති විතරක් නෙවෙයි බලපාන්නේ. ඒකට රටේ තියෙන රාජ්‍ය ව්‍යවසායන්ගෙත් ක්‍රියා කාරිත්වය බලපානවා.

ඉතින් අපි මේ ප්‍රශ්නය කොහොමද විසඳන්නේ?

ඉතින් අපි මේ ප්‍රශ්නය කොහොමද විසඳන්නේ? මේ ප්‍රශ්නය විසඳන්න තියෙන මූලිකම බැරෑරුම්ම අමාරුකම තමයි මේ ආයතනවල අයිතිය පිළිබඳව පැහැදිලිකමක් වගකීමක් නැතිකම.

කාටද මේ ආයතන අයිතිය? අපි කියනවා මේවා මහජනතාවගේ ආයතන කියලා. ඉතින් මහජනතාවට ඒක අයිති වෙන්නනේ ඒවා පාඩු දරන්න මහජනතාව බදු ගෙවන හින්දා විතරද? වෙන මොකක්ද තියෙන අයිතිය.

මහජනතාවට අයිතියි කියන එක දේශපාලනික වශයෙන් කියන කතාවක් වෙන්න පුළුවන්, නමුත් ඒකේ ආර්ථික වශයෙන් ලොකු ඇත්තක් නැහැ.langama

මහජනතාවට අයිතියි කියන එක දේශපාලනික වශයෙන් කියන කතාවක් වෙන්න පුළුවන්, නමුත් ඒකේ ආර්ථික වශයෙන් ලොකු ඇත්තක් නැහැ.

කාටද මේ ආයතන අයිතිය. අපි දන්නවා ඉතිහාසයේ පුරාම මේ ආයතන පාවිච්චි කරලා තියෙනවා දේශපාලඥයන් විසින් තමන්ගේ රැකියා ඒජන්සි වශයෙන් තමන්ගේ අයට රස්සාවල් දෙන්න, තමන්ගේ නෑදෑයින් යහලුවන්ව පවුලේ අයව සභාපති තනතුරුවලට, අධ්‍යක්ෂක මණ්ඩලයට දාන්න.

ඉතින් මේ ආයතන ඇත්තවශයෙන්ම එක එක අයගේ පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා භාවිතා වෙන ආයතන බවට පත්වීම මත තමයි මේ ප්‍රශ්නය හුඟක් උග්‍රවෙලා තියෙන්නේ.

අකාර්යක්ෂමතාවය නැති කිරීමට ...

දෙවෙනි ප්‍රශ්නය තමයි මේ ආයතනවල අකාර්යක්ෂමතාවය නැති කරගන්න නම් අපිට සිද්ධ වෙනවා පෞද්ගලික ආයතනයන් මුහුණ දෙන වෙළෙඳපොළ තත්වයට මේ ආයතනත් මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ව්‍යාපාරික පරිසරය බිහිකළ යුතු වීම.

ඉතින් සමහරක් අය තර්ක කරනවා කාලයක් අපිට තිබුණා මේවා පෞද්ගලීකරණය කරන්න ඕනෙයි කියලා. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. මොකද හේතුව පෞද්ගලීකරණය කරයින් පස්සේ පෞද්ගලීකරණයට අනුව ඒවා මෙහෙයවන ව්‍යාපාරිකයින් දන්නවා ඒවා පාඩු ලබනවා නම් ඒ පාඩු හදාගන්න. පාඩු වැටෙන්නේ නැහැ ජනතාවගේ කර පිටට...

 

වීඩියෝව