ජනපති විසින් කළ ඉල්ලීම

ජනපති විසින් කළ ඉල්ලීම

ජනතා ගැටළු නිරාකරණය සහ ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෛනික නිල කාර්යයන්හි ප්‍රමුඛත්වය දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

“ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍යය හා සාද වැනි අවස්ථාවනට සහභාගිවීමට අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා එතුමාට ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.”

ගෞරවාදරය සහ ප්‍රසාදය නිසා බොහෝදෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථාවනට එක්වන ලෙස එතුමාට ඇරයුම් කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

“ජනතාව තමා කෙරෙහි ඇති මේ බැඳීම එතුමා මහත් සේ අගය කරයි. එසේ වුවද නිල කටයුතුවලින් බැහැර තමාට ලැබෙන හැම පැයම ජනතාවගේම අභිවෘද්ධිය පිණිස කැප කිරිමට ජනාධිපතිතුමා අදිටන් කරගෙන සිටී.”