නිවා දැමූ ඉන්ධන නැවේ යලිත් ගිනි ඇවිලේ.. ඉන්දීය සාගරයේ දැඩි සුලං.. නිවා දැමීම අසීරුයි..

නිවා දැමූ ඉන්ධන නැවේ යලිත් ගිනි ඇවිලේ.. ඉන්දීය සාගරයේ දැඩි සුලං.. නිවා දැමීම අසීරුයි..

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ඇති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ නැවතත් ගිනි ඇවිළී තිබේ.

නාවික හමුදාව සදහන් කරන්නේ ඉන්දීය සාදරයේ මේ වන විට ඇති වී තිබෙන සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගිනි ඇවිලීම සිදුව ඇති බවයි.

කාලගුණය අයහපත් වීම හේතුවෙන් ගිනි ගැනීම පාලනය කිරීම අසීරු වී ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි. කෙසේ නමුත් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ශ්‍රී ලංකාව ගුවන් හමුදාව
, නාවික හමුදාව එක්ව ගිනි නිවීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් තිබේ.

නෞකාවේ පළමු වරට ඇතිවූ ගින්න නිවා දැමීමෙන් පසු ශ්‍රී ලංකාවෙන් සැතපුම් හතළිහක් පමණ ඈතට ඇදගෙන යාමට කටයුතු කළේය.

එහි නවතා තිබියදී මෙම දෙවැනි ගිනි ගැනීම ඇතිව තිබේ.

(cnews)