ගුවන් තොටුපළ යළි විවෘත කිරීම පස්සට

විදේශීය සංචාරකයින් සඳහා මෙරට ගුවන් තොටුපළ යළි විවෘත කිරීම දින කිහිපයකට කල් යනු ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි පවසනවා.

සුනාමියට අවුරුදු 16 යි

2004 දෙසැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපකට බලපෑම් එල්ල කළ සුනාමි ව්‍යසනයට අදට වසර 16ක් සපිරේ.න්දීය හා ශාන්තිකර සාගරවලට මැදිව පිහිටි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ මෙරට වේලාවෙන් උදෑසන 6.58 ට සිදුවූ ඇතිවූ දරුණු භ‍්‍රකම්පනයක් හේතුවෙන් නැගුණු උදම් රළ ලංකාව ඇතුළු රටවල් කිහිපකටම කඩා වැදී දහස් ගණනක් ජීවිත බිළිගත්හ.

 

බස්නාහිර ලොක්ඩවුන් කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලයි

ගම්දනව්වල සිට නගරාශ‍්‍රීතව රැුකියා සඳහා පැමිණ සිටින පිරිස් නත්තල සහ නව වසර සැමරීම වෙනුවෙන් බස්නාහිර පලාතෙන් ගම්බිම් වෙත පිටව යන හේතුවෙන් එළඹෙන ජනවාරි 1 වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එංගලන්තයේ අලුත් කොරෝනා වෛරසය රටවල් කිහිපයකට ව්‍යප්ත වෙයි

එංගලන්තයේ වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට තවත් රටවල් 05 කින් වාර්තා වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ශ‍්‍රීලනිප විනාශ කරන්නෙ නැහැ.රාජපක්‍ෂරු විශ්වාසයි-මහින්ද අමරවීර

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවතින සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් නොවන බව අමාත්‍ය මහින්ද අමවීර මහතා ප‍්‍රකාශ කර තිබේ. ශ‍්‍රීලංකා නිදහස් පාක්‍ෂිකයින්ට සහ මැතිවරණයෙන් ආණ්ඩු පක්‍ෂය පිහිටවන්නට සහාය දුන් මන්ත‍්‍රීවරුන්ට නිසි ලෙස නොහොත් බලාපොරොත්තු වූ ආකාරයෙන් සැලකීමක් නොමැති නිසා යම් කළකිරීමක පාක්‍ෂිකයින් සිටින බව පසුගිය කාලයේ මාතෘකාවක් බවට පත්ව තිබුණි.