නිමල් බිලියන 2ක කොටස් අරන්

නිමල් බිලියන 2ක කොටස් අරන්

දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ පහළ යමින් තිබෙන මෙම වකවානුවේ දී රුපියල් බිලියන 2 ක සමාගම් කොටස් තමා විසින් මිල දී ගනු ලැබූ බව මෙරට කොටස් වෙළෙඳපොළේ ප්‍රමුඛතම ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි. මෙරට ව්‍යාපාරික ප්‍රවෘත්ති සඳහා වෙන්වුණු එකම දිනපතා පුවත්පත වන Daily FT සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කර ඇත.

උග්‍ර විෂ සහිත පළිබෝධනාශක භාවිතය අඩු කරයි

ශ්‍රී ලංකාවේ වී, එළවළු, පළතුරු ඇතුළු බෝග සඳහා භාවිතා කෙරෙන පළිබෝධනාශක අතරින් අධි විෂ සහිත පළිබෝධනාශක භාවිතය මේ වන විට විශාල වශයෙන් අවම වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

නිදහස් වෙළඳ ගිවිසුමෙන් වෘත්තීකයින්ට හානියක් වෙන්නේ නෑ

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ මෙරට කිසිදු වෘත්තිකයෙකුට අවස්ථා අහිමි වීමක් හෝ අසාධාරණයක් හෝ සිදු නොවන බවත්, මෙරට රැකියා වෙළඳපොළ විදේශිකයන්ට විවෘත කිරීමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගර්භණි ගුරුවරුන්ට නිල ඇඳුමක්

ගර්භණි ගුරුවරියන් සඳහා විධිමත් හා සෞඛ්‍යාරක්ෂිත නව නිල ඇඳුමක් හඳුන්වා දීමට ද අධ්‍යාපන අමාත්‍යාංශ පියවර ගෙන ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සමුපකාරය ඩිජිටල්කරණයට

සමුපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතු කාලය එළඹ ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.